14 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි
9th December 2024
14 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 දෙසැම්බර් මස 6 දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 14 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට සිය අත්සන තැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.