ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි
10th December 2024
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 9 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී..
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසල් ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය..
මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාවිධායකතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ..