12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
10th December 2024
12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වී.බී.ටී.කේ. කොඩිතුවක්කු ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 17 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 03 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එමෙන්ම, වට්ටප්පලෙයි කන්නගී අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි ධජයන්ට ආශිර්වාද කිරීමේ පූජාවක් සහ කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජාවක් ඇතුළු ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.