ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක්

12th December 2024

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් එම මූලස්ථානයයේ සේවයේ නියුතු භටපිරිස් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලයට සහාය දැක්වීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 10 දින දියතලාව ‘Golf Club’ පරිශ්‍රයේදී වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් විසින් එහිදී ආර්ථික අපහසුතාවයන් මඟහරවා ගැනීම වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් 30 ක් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ