කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවිය

6th August 2024

කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය කාර්යාලයේ දී හමුවිය.

ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය යාපනය සංචාරය දී 2024 අගෝස්තු මස 04 දින පලාලි CIMIC උද්‍යානයේ පැවති සංගීත සන්ධ්‍යාවකට සහභාගී විය. මෙම සංගීත වැඩසටහන ඇයගේ පුතුනුවන් වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දිවංගත කපිතාන් ඒ.ඒම්.සී.එස් අත්තනායක වෙත උපහාර දැක්වීම සඳහා සංවිධානය කර තිබුණි

එතුමියගේ සංචාරය අගයමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණිම සහ ඇයගේ දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.