‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සාර්ථකව විසිර යයි
6th August 2024
අම්පාර සටන් පුහුණු පාසලේ ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවල කොමිෂන් නොලත් නිලධාරීන් (කොනොනොනි) 44 දෙනෙකු මාස තුනක් වැනි දීර්ඝ කාලයක් මෙම පාඨමාලාව හදාරන ලදී. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යායට හිමි සහතික පත්‍රය 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.කේ.එම්.ඒ.එන් කරුණාධිපති විසින් හිමිකරගන්නා ලදී.
මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගි වූහ.