52 පාබල සේනාංකාධිපති එම සේනංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ බලඇණිවල නිල සංචාරයක
7th August 2024
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූලි මස 02, 04 සහ 08 යන දිනයන්හිදී 521, 522, සහ 523 යන පාබල බලසේනාවල සහ ඒවායන් හි බලඇණිවල නිල සංචාරයක නිරත විය.
එම ස්ථානයන් වෙත සැපැමීණි සේනාංකාධිපතිතුමන් වෙත පාබල බලසේනාවන් සහ බලඇණි වල භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරිමෙන් අනතුරුව, අදාල බලසේනාධිපති වරුන් සහ බලඇණිවල අණදෙන නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී එතුමන්හට එම ස්ථානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බලසේනා සහ බලඇණිවල කාර්යභාරයන්, කාර්යන් සහ වත්මන් ක්‍රියාකාරී තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය. අනතුරුව ප්‍රදේශයේ ආගමික ස්ථාන, පතුරම් ගබඩාවන් සහ යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග බාධක ඇතුළු ප්‍රධාන ස්ථානයන්හිද සංචාරය කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.