ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක්
9th August 2024
කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී. රාජ්‍ය ආයතන තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන අතුරුගිරිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක යෙස්මින් රානි මහත්මිය විසින් සිදුකරන ලදී.
මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් හය දෙනෙකු සහ සෙසු නිලයන් අසූ නව දෙනෙකු ගෙන් යුත් පිරිසක් සහභාගී වූහ.