ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භට පිරිස් වවුනියාව ප්‍රදේශයේ කුරුඳු වගා කරයි

8th August 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 04 දින පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගා වැඩසටහනක් ක්‍රියාත්ම කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී වූ අතර, වවුනියාව උතුරු කලාප ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ආර්ථිකය නංවාලීමේ අරමුණින් වගාව හඳුන්වාදීම සහ ව්‍යාප්ත කිරීම සඳහා ගම්වාසීන් 34 දෙනෙකු අතර කුරුඳු පැළ 6392ක් බෙදා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.