උණුසුම් පුවත්

Clear

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අභිත විරුවන් හට අඹේපුස්සේ දී පදක්කම් ප්‍රදානය කරයි

2016-11-21

මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් සෙනසුරදා (19) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.


2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදුවීමෙන් ඇසක් තුවාල වූ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයා හට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර

2016-11-18

2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදු වීමෙන් ඇසක් තුවාල වූ (විශාමික) යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වයි.කේ.ඩී.එන් මහිරාජ් හට කොළඹ යුද හමුදා රෝහලෙන්.....


සෙබලුන්ගෙන් දමිල විද්‍යාලය සඳහා නව පුස්තකාල ගොඩනැගිල්ලක්

2016-11-17

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති....


ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා පදක්කම් ප්‍රදානය කෙරේ

2016-11-15

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් ප්‍රදානය කිරීම ඉරිදා (13) දින පනාගොඩ යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.


පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල

2016-11-15

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල කොළඹ 05 ජාවත්ත පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියස දී (11) පස්වරුවෙහි පැවැත්වුණ අතර....


යුද හමුදාපති ඇතුලු ආරාධිතයින් වැඩමුළුවක

2016-11-10

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.


ආරක්ෂක අමාත්‍යාශයේ ඉල්ලීම මත විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා රැකියා ලබාදේ

2016-11-08

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1000 කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදිමේ අරමුණින් සඳුදා (7) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දැවැන්ත රැකියා පොළක් පවත්වන ලදි.


භට පිරිස් හි සහයෝගයෙන් ඇළ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කරයි

2016-11-08

වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.


ශ්‍රී ලංකා යුද හමුදා ආධුනික සෙබලා බරඉසිලීමේ තරඟාවලියේ රන් පදක්කමක් දිනාගනි

2016-11-08

2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ ආධුනික සෙබල වයි.ඩි.අයි. කුමාර, ඔක්තෝබර් මස 23 වන දින සිට 30 දක්වා පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බරඉසිලීමේ තරඟාවලියේ දී කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.


මාලදිවයින ආරක්ෂක ප්‍රධානි යුද හමුදාපති හමුවේ

2016-11-07

මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් ශියාම් අද (07) දින යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.