යුද හමුදාපති ඇතුලු ආරාධිතයින් වැඩමුළුවක

10th November 2016

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

දෙදිනක් පුරා පවත්වනු ලැබූ මෙම වැඩමුළුවේ දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිඅරච්චි විසින් එම වැඩමුළුවේ කාලීන වැදගත්කම අවධාරණය කරමින් ආරම්භක දේශණය පවත්වන ලදි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, එක්සත් ජාතීන්ගේ වැඩබලන සම්බන්ධීකාරක ඇලයින් සිබනලර් මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් රැසක් ද සහභාගි වූහ.

|