මාලදිවයින ආරක්ෂක ප්‍රධානි යුද හමුදාපති හමුවේ

7th November 2016

මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් ශියාම් අද (07) දින යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

එහිදි යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම විසින් මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි පිලිගන්නා ලදි.

එම සුහද හමුවේ දී යුද හමුදාපතිතුමා සහ මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි අතර දෙරටෙහි යුද හමුදාමය ඉතිහාසය සහ ද්විපාර්ශ්වික සබඳතාවයන් පිලිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ආරක්ෂක උපදේශක ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

|