ආරක්ෂක අමාත්‍යාශයේ ඉල්ලීම මත විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා රැකියා ලබාදේ
8th November 2016
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1000 කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදිමේ අරමුණින් සඳුදා (7) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දැවැන්ත රැකියා පොළක් පවත්වන ලදි.
එහිදි රෝහල් ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, පෞද්ගලික ආරක්ෂක සමාගම් සහ වෙනත් ආයතන කිහිපයක නියෝජිතයන් විසින් මේ සඳහා සහභාගි වූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සම්මුඛ පරික්ෂණ පවත්වන ලදි.
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ඒ.පි.ජි. කිත්සිරි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් මෙම ස්ථානයට පැමිණ මෙහි කටයුතු පිළිබඳ සොයා බලන ලදි.
|