ශ්‍රී ලංකා යුද හමුදා ආධුනික සෙබලා බරඉසිලීමේ තරඟාවලියේ රන් පදක්කමක් දිනාගනි
8th November 2016
2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ ආධුනික සෙබල වයි.ඩි.අයි. කුමාර, ඔක්තෝබර් මස 23 වන දින සිට 30 දක්වා පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බරඉසිලීමේ තරඟාවලියේ දී කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ජාතික බර ඉසිලීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ආධුනික සෙබල කුමාර මෙම රන් පදක්කමක් දිනා ගනිමින් යුද හමුදාවටත් මව්බිමටත් කීර්තියත් අත් කර දෙන ලදි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලිය සඳහා සහභාගි වූ අනෙකුත් ක්‍රීඩකයින් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, රන් පදක්කම්ලාභී ආධුනික සෙබල කුමාර පිළිගැනීම සඳහා යුද හමුදා බර ඉසිලීමේ සංගමයේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
|