උණුසුම් පුවත්

Clear

යුද හමුදා මුලස්ථානය සමගින් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන‍ නව වසර උදාව සමරයි

2017-01-04

යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.


යුද හමුදාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසයි

2017-01-03

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (02) උදෑසන රාගම පිහිටි රණවිරු සෙවන වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් 2017 නව වර්ෂය වෙනුවෙන් ඔවුන් හට සුභ පැතුම් ද එක්කළහ.


සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

2017-01-02

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.


ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වේ

2016-12-30

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය සෙනසුරාදා (දෙසැම්බර් 31 ) දින අවසන් විය.


රැකියා අපේක්ෂිතයින් හට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය

2016-12-27

යාපනය අර්ධද්විපයේ රැකියා විරහිත අයවළුන් හට රැකියා ලබාදීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ දී සහ 523 බලසේනා මුලස්ථානයේ දී සිකුරාදා (23) දින පවත්වන ලදි.


කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවයි

2016-12-24

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව සඳහා කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවා ඇත. පහත දක්වා ඇති සුදුසුකම් සහිත අයවළුන් හට 2017 ජනවාරි 15 වන දිනට ප්‍රථම (online) තම අයදුම් පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දන්වා සිටි.


පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා 66 වන සේනාංක භට පිරිස් හි සහාය

2016-12-24

පුනරීන්හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවේ දී අදාල බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම භුමියේ ඉන්ටර්ලොක් ගඩොල් ඇතිරීම සඳහා තම උපරීම සහයෝගය ලබාදෙන ලද අතර, බ්‍රහස්පතින්දා (22) දින එය විවෘත කිරීමට නියමිත වේලාවට ප්‍රථම එහි වැඩකටයුතු අවසන් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදි.


යුද හමුදා කායවර්ධකයින් සහ බර ඔසවන්නන් ජාතික තරඟාවලියේ දී ශුරතා හිමිකරගනි

2016-12-22

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් සෙනසුරාදා (24) දින කොළඹ 07, ඩි.එස්. සේනානායක ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික කායවර්ධන ශුරතා තරඟාවලියේ දී ජයග්‍රහණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.


අනුරාධපුර රෝහල් හි ගිලන් රථ ධාවනයට යුද හමුදා රියදුරන්

2016-12-22

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අවට රෝහල් හි ගිලන් රථ රියදුරන් සහ අනෙකුත් රියදුරන් (22) පෙරවරුවෙහි හදිසියෙහි සිදු කරනු ලද වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල් හි හදිසි අවශ්‍යතාවයන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ රියදුරන් යෙදවීම සිදු කරනු ලැබීය.


දිළිදු පවුලක් වෙත යුද හමුදා භට පිරිස් වෙතින් තවත් එක් නිවසක්

2016-12-20

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජීවත්වන දිළිදු මහළු යුවලක් වෙත රාජ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදි කර දී ඇත.