පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල

15th November 2016

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල කොළඹ 05 ජාවත්ත පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියස දී (11) පස්වරුවෙහි පැවැත්වුණ අතර, එම අවස්ථාවෙහි විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් උභය මැදවල සහභාගි විය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් සංගමය එක්ව ලෝක යුද්ධය සඳහා දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් සෑම වසරක් පාසාම මෙම විරු සැමරුම් උළෙල සංවිධානය කරනු ලබයි.

එහිදී එම අභීත රණවිරුවන් සිහිකරමින් විනාඩියක පමණ නිහඩතාවයක් පවත්වනු ලැබීය.

එම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේමිස් ඩියුරිස් මහතා, පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් කොමිසමේ නියෝජිතයන්, යුද ,නාවික සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සහභාගි වූහ.

ලෝක යුද්ධය අතරතුරදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල යුද ප්‍රවීණයින් 1999 දෙනෙකු ශ්‍රී ලංකාවේ දී ජීවිතය පූජා කළ අතර, ඔවුන් සිහිකරමින් කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අගනුවරවල් දෙකක එම රණවිරු උපහාර උළෙල පවත්වනු ලැබීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සුසානභූමි කොළඹ නගරයෙහි හයක් ද, මහනුවර සහ ත්‍රිකුණාමලය නගරයෙහි එක බැගින් ද පිහිටා ඇත. අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලිය සුසාන භුමි ජාවත්ත සුසානභූමිය, කුප්පියාවත්ත මුස්ලිම් සුසානභූමිය, මහනුවර සිවිල් සුසානභූමිය, මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ සහ නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව පල්ලියෙහි සුසානභූමියේ දී ඉදි කර ඇත.

|