උණුසුම් පුවත්
653 බලසේනාවේ භට පිරිස් විසින් සිවිල් වැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා කුකුලන් බෙදා දේ

653 බලසේනාවේ භට පිරිස් විසින් කිළිනොච්චි හි පිහිටි ආලන්කුලම් සහ තෙරන්දකන්ඩාල් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව ඔවුන් හට කුකුලන් බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (16) දින තෙරන්දකන්ඩාල් ප්‍රජා ශාලාවේ දී පවත්වනු ලැබීය.
යුද හමුදා සමිබන්ධීකරණයෙන් සිවිල් වැසියන් හට කෟතිම පාද

මනුෂ්‍යත්වය, හොද හිත හා සංහිදියාව සනිටුහන් කරමින් මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ සමිබන්ධීකරණයෙන් යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 48 දෙනෙකු සදහා කෘතීම පාද බෙදාදීමෙ චාම් උත්සවයක් වෙල්ලමුල්ලිවෛක්කාල් පාසලේදී සිකුරාදා (16) පැවැත්විනි.
ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය - 2016 මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයක් සඳුදා (19) දින රාත්‍රියේදි ටාජ් සමුද්‍රා හෝටලයේදි පවත්වනු ලැබීය.
සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය

ලක්ෂපාන නල්ලතන්නි හැමිල්ටන් වතුයාය ප්‍රදේශයේ කදුකරයේ අතුරුදහන් වූ සිවිල් වැසියන් පස් දෙනා සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ගුවන් හමුදා සාමාජිකයින් හට සහයෝගය දැක්වීම සඳහා සඳුදා (12) වන දින පස්වරුව වන විට.....
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකරීමට සහෝදර සෙබලුන් ඉදිරිපත් වේ

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන බලඇණියේ සේවයේ නියුතුව සිට හදිසි හෘදයාබාධයකින් මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට වන්නි ආරක්ෂක.......
විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟයෙහි ජය පකිස්තානු හොකී කණ්ඩායමට

ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි අවසාන හොකී තරගය අද (10) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
සාලාව සිදුවීමෙන් අලාභාහානී වූ වෙළද හිමියන් සඳහා යුද හමුදාවෙන් නොමිලේ ඉඩම්

සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.
පුනරීන් ළමුන් වෙත 661 බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ

පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.
අම්බුලුවාව ඇති වූ ගින්න භට පිරිස් මැඩපවත්වයි

අම්බුලුවාව කදුපාමුල ගල්පාය වනාන්තර ප්‍රදේශයේ සෙනසුරාදා (03) දින රාත්‍රියේ ඇති වූ ගින්න, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 33 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා භට පිරිස් වෙතින් ලේ දන්දීමක්

යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ අවශ්යිතාවය යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මත 6 වන ශ්රීස ලංකා සංඥා බලකාය විසින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කළ අතර, එය නොවැම්බර් මස 29 වන දින කඳවුරු පරිශ්රමයේ දී පැවැත්විය.