ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකරීමට සහෝදර සෙබලුන් ඉදිරිපත් වේ
13th December 2016
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන බලඇණියේ සේවයේ නියුතුව සිට හදිසි හෘදයාබාධයකින් මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේවයේ නියුතු 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.
ඒ අනුව බ්‍රහස්පතින්දා (08) දින 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.ච්.එම්.ඒ. විජේසිංහගේ මඟපෙන්වීම මත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් එම සෙබලාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඇතාවැටුණුවැව ප්‍රදේශයේ මෙම නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදි. සුභ මොහොතින් එම කටයුතු සිදු කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් බි.ච්.එම්.ඒ. විජේසිංහ සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් ඩබ්.එම්.එම්.ඩබ්.බි. තම්මිට ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
තවද, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිගේ මඟපෙන්විමෙන් වියළි සලාක, පාසල් උපකරණ සහ වෙනත් අත්‍යඅවශ්‍ය ගෘහ භාණ්ඩ ද මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සමගාමීව එම පවුලේ සාමාජිකයින් වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම ඉදිකිරීම සඳහා වැය වන මුදල් සහෝදර යුද හමුදා සාමාජිකයින්, පෞද්ගලික දානපතීන් සහ පවුලේ හිතවතුන් විසින් දරනු ලැබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් සභාපති ද මෙම ඉදිකිරිම් කටයුතු සඳහා සහාය දක්වනු ලැබේ.
|