යුද හමුදා සමිබන්ධීකරණයෙන් සිවිල් වැසියන් හට කෟතිම පාද
20th December 2016
මනුෂ්‍යත්වය, හොද හිත හා සංහිදියාව සනිටුහන් කරමින් මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ සමිබන්ධීකරණයෙන් යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 48 දෙනෙකු සදහා කෘතීම පාද බෙදාදීමෙ චාම් උත්සවයක් වෙල්ලමුල්ලිවෛක්කාල් පාසලේදී සිකුරාදා (16) පැවැත්විනි.
මහනුවර ස්ථාපිත ආබාධිතයන් සදහා වු මධ්‍යස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය සදහා දායකත්වය ලබාදුන් අතර, ඒ සදහා රැපියල් මිලියන 2.2 ක මුදලක් වැයකර ඇත. මෙහිදී කෘතීම පාද ලබාදීම සදහා අවශ්‍යතා ඇති අයවලුන් සොයා ගැනීම මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ දැනුම්දීමකට අනුව ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී සහ ප්‍රජා නියෝජිතයින් විසින් සිදුකරන ලදී.
මෙම කෘතීම පාද බෙදා දීමෙ උත්සවය සදහා මුලතිවි ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් දමිපත් ප්‍රනාන්දු, ආබාධිතයන් සදහා වු මධ්‍යස්ථානයේ විශේෂඥයින් හා කාර්මිකයින් ද එක්ව සිටියහ.
මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් විසින් මෙම වසරේ අගෝස්තු සහ නොවැමිබර් යන මාසයන්හිදී ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීගේ ද සහය ඇතිව කෘතීම පාදයන් සදහා මිනුමි ලබාගන්නා ලදී.
මෙම වසරේ ජුලි මාසයේ ද මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මෙවැනිම කෘතීම පාද 25 ක් අවශ්‍යතා ඇති අයවලුන් හට බෙදාදීම සිදු කලහ.
මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී, ප්‍රජා නායකයින්, ප්‍රතිලාභීන් සහ ප්‍රදේශයේ ජනතාව ද එක්ව සිටියහ.
|