සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය

14th December 2016

ලක්ෂපාන නල්ලතන්නි හැමිල්ටන් වතුයාය ප්‍රදේශයේ කදුකරයේ අතුරුදහන් වූ සිවිල් වැසියන් පස් දෙනා සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ගුවන් හමුදා සාමාජිකයින් හට සහයෝගය දැක්වීම සඳහා සඳුදා (12) වන දින පස්වරුව වන විට යුද හමුදාවේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් යොදවනු ලැබීය.

එම සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් හට බදාදා (14) වන දින අලුයම් කාලය වන විට සප්ත කන්‍යා කදුපන්තියෙහි අතුරුදහන්වූ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවිල් වැසියන් පස් දෙනා සොයා ගැනීමට හැකි විය.

මෙම සෝදිසි මෙහෙයුම් සඳහා 112 බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් සහයෝගය ලබා දෙන ලදී.

|