විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟයෙහි ජය පකිස්තානු හොකී කණ්ඩායමට
10th December 2016
ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි අවසාන හොකී තරගය අද (10) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් ශ්‍රී ලංකා පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සයිඩ් ශකීල් හුසේන් පැමිණෙන ලදී.
යුද හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා හා පාකිස්තානු මහ කොමසාරිස් මහත් හරසරින් පිළිගනු ලැබීය.
අවසන් තරගය 4 - 0 ක් ලෙස ජයගත් පාකිස්ථානු හොකි කණ්ඩායම තරගාවලියේ ද ජය තහවුරු කරගන්නා ලදී.
අවසන් වටයේ තරග සදහා එක් කණ්ඩායමකට තරගකරුවන් 11 බැගින් තරග වැදුණි.
තවද, මෙම උත්සවය අවසානයේ ජයග්‍රහකයින් වෙත කුසලාන ප්‍රදානය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සිදු කෙරිනි.
විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරය යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව සිදුකරන ලදී.
|