උණුසුම් පුවත්
යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් රණජයපුර රණවිරුවන් හමුවේ

රණසේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා භට නිවාස සම්පාදක අධ්‍යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය, ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය......
යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජනය කරන බවට සඳහන් මාධ්‍ය වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

ජාතික සංහිඳියා කාර්ය්‍යාලයේ ප්‍රධාන නිළධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජන කරනනේ යැයි පලකර ඇති මාධ්‍ය වාර්ථා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

නවතමයෙන් පත් වූ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාවෝ (16) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
යුද හමුදාවේ දක්ෂතම සූපවේදීන් ඇගයීමට ලක්කෙරේ

යුද හමුදාපතිතුමාගේ නව සංකල්පයකට අනුව මෑතක දී සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපනය කරන ලද යුද හමුදා සූපවේදී බලඇණිය මඟින් යුද හමුදාව තුල සේවයේ නියුතු යුද හමුදා සහ සිවිල් අංශයේ සුපවේදීන්ගෙන් දක්ෂතම සුපවේදීන් තේරීම සිදු කරන ලදි.
යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයෙන් ඩි.එස්. සේනානානයක විද්‍යාලීය සංවත්සර වැඩසටහන තවත් වර්ණවත් වේ

බොරැල්ල පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සරය වර්ණවත් කරමින් බදාදා (15) දින එම විද්‍යාල පරිශ්‍රයේ දී යුද හමුදාව විසින් කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
8 වන ගැමුණු හේවා බලඇණියේ සහ 2 (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ඇති වූ ගිනි ගැනීම් මැඩපවත්වයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 583 බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සඳුදා (13) දින රත්නපුර, පිලපිටිය, ආදාගල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට වහා ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සෙනසුරාදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වේ

ලෝක හමුදා දිනය වෙනුවෙන් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් සහ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.
වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සුතන්තිපුරම් පාසල් ක්‍රීඩාපිටිය සැකසීම භට පිරිස් වෙතින්

පුදුකුඩුඉරිප්පු සුතන්තිපුරම් පාසලේ විදුහල්පතිගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 683 වන බලසේනාවට අයත් 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් එම පාසලේ පැවැත්විමට නියමිත ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩාපිටිය සැකසීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදි.
කාන්තා සෙබලියන් වෙතින් හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියන් වෙත නොකඩවා සහාය

යාපනයේ පිහිටි 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් ඔවුන්ගේ තවත් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස, වයස අවුරුදු 05 ට අඩු ළමුන් සිටින හිටපු එල්.ටි.ටි.ඊ. කාන්තා සෙබලියන් 18 දෙනෙකු බදාදා (08) දින හමුවි ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලන ලදි.
11 වන එක්සත් ජාතින්ගේ බලඇණිය ලේබනන් සාමසාධක රාජකාරින් සඳහා සුදානම්

ලේබනන් හී එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්විමට නියමිත මිළග ශ්‍රී ලංකා යුද හමුදා සාම සාධක බලඇණිය නිල වශයෙන් භාරගැනිමේ පෙළපාලිය කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී බ්‍රහස්පතින්දා (09) දින පවත්වන ලදි.