වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සුතන්තිපුරම් පාසල් ක්‍රීඩාපිටිය සැකසීම භට පිරිස් වෙතින්

13th February 2017

පුදුකුඩුඉරිප්පු සුතන්තිපුරම් පාසලේ විදුහල්පතිගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 683 වන බලසේනාවට අයත් 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් එම පාසලේ පැවැත්විමට නියමිත ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩාපිටිය සැකසීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදි.

16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්විම යටතේ 20 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර, යුද හමුදාව මේ වෙනුවෙන් ලබාදුන් දායකත්වය වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති විසින් සිය ස්තුතිය ද පුද කළහ.

|