ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

16th February 2017

නවතමයෙන් පත් වූ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාවෝ (16) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.

හමුදාපති කාර්යාලයෙදී පැවති මෙම හමුවේදී හමුදාවන්වල ද්වි පාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරු කරගනු ලැබූ අතර, දෙරට අතර පවතින ඓතිහාසික සබදතා පිළිබඳවද කරුණු සාකච්ඡා කරමින් දෙරටෙහි සම්බන්ධතා තව දුරටත් වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාවය අවදාරණය කරනු ලැබීය.

පැවති හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

|