කාන්තා සෙබලියන් වෙතින් හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියන් වෙත නොකඩවා සහාය
13th February 2017
යාපනයේ පිහිටි 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් ඔවුන්ගේ තවත් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස, වයස අවුරුදු 05 ට අඩු ළමුන් සිටින හිටපු එල්.ටි.ටි.ඊ. කාන්තා සෙබලියන් 18 දෙනෙකු බදාදා (08) දින හමුවි ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලන ලදි.
ඒ අනුව, යාපනය, චාවකච්චේරි තෙන්මාරච්චි කලේයි මන්ත්‍රම් සංස්කෘතික ශාලාවේ දී එම කාන්තාවන් සහ පවුලේ සාමාජිකයින් සමඟ පැවති හමුවේ දී 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීන් විසින් කිරිපිටි පැකට් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියන් පිළිබදව සොයා බැලිම් සිදු කරන අතර, මේ වනවිට ඔවුන්ගෙන් බෝහෝ දෙනෙක් විවාහ වි දරුවන් ද සිටියි. මෙම ව්‍යාපෘතිය සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ඉතා ඵලදායි ව්‍යපෘතියක් වන අතර මෙහිදි අදාල ග්‍රාම නිලධාරීන් සමඟ සමිප සම්බන්ධතාවයෙන් ඔවුන්හට ආර්ථික මෙන්ම අනෙකුත් අවශ්‍යය සහයෝගයන් ලබා දිම සිදු කරනු ලැබිය.
7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයන් රුස්විමට සහභාගි වුහ.
|