යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයෙන් ඩි.එස්. සේනානානයක විද්‍යාලීය සංවත්සර වැඩසටහන තවත් වර්ණවත් වේ
16th February 2017
බොරැල්ල පිහිටි ඩි.එස්. සේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සරය වර්ණවත් කරමින් බදාදා (15) දින එම විද්‍යාල පරිශ්‍රයේ දී යුද හමුදාව විසින් කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
විදුහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විමෙන් ත්‍රාසජනක කරනම්, තුර්යවාදක සංදර්ශන, සුනඛ සංදර්ශන, පාලමක් සහ යුද හමුදා රථයක් ගැලවීම සහ සවිකිරීම මෙන්ම සන්නාහ සන්නද්ධ රථ සහ කාලතුවක්කු ප්‍රදර්ශන ඇතුලත් කුඩා පිරික්සුම් පහන් සංදර්ශන ද්විත්වයක් මෙහි දි පවත්වන ලදි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු. කථානායක කරු ජයසූරි ( පාර්ලිමේන්තු මන්ත්‍රී) මැතිතුමා සහභාගි විය.
එම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන්, ළමුන් මෙන්ම අමුත්තන් විශාල පිරිසක් යුද හමුදාව විසින් ඉදිරිපත් කළ මෙම කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය නැරඹූහ.
|