8 වන ගැමුණු හේවා බලඇණියේ සහ 2 (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ඇති වූ ගිනි ගැනීම් මැඩපවත්වයි
14th February 2017
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 583 බලසේනාවට අයත් 8 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සඳුදා (13) දින රත්නපුර, පිලපිටිය, ආදාගල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට වහා ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාව යටතේ වන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් සඳුදා (13) දින මහනුවර, මාවතුර ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත් වූ අතර, ඒ සඳහා එම බලකායේ සෙබලුන් 20 දෙනෙකු පමණ සහභාගි වූහ.
|