3rd February 2026
එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාමසාධක මෙහෙයුම් සදහා අනුයුක්ත කිරීමට නියමිත 13 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා කණ්ඩායම සඳහා පවත්වනු ලැබූ දකුණු සූඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක් විවෘත කිරීමට අදාල පෙර පුහුණු පාඨමාලාව 2026 ජනවාරි මස 05 වන දින කුකුලේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ආරම්භ විය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශ මෙහෙයුම් මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc විසින් පාඨමාලාවට සහභාගී වූවන්ට සහතිකපත් ප්‍රදානය කල අතර, ඉන් අනතුරුව සමාප්ති දේශනය සිදුකරන ලදී.
මෙම පාඨමාලාව 2026 ජනවාරි මස 30 වන දින අවසන් වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 78 දෙනෙකු සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්හි ප්‍රායෝගික සහ න්‍යායාත්මක අංශ පිළිබඳ මූලික දැනුම වර්ධනය කිරීම සහ පැවරී ඇති විශේෂිත රාජකාරි පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීම සඳහා මෙම පාඨමාලාව පවත්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී වූහ.