කනිෂ්ඨ නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පුණරීක්‍ෂන වැඩමුළුව සාර්ථකව අවසන්

කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වූ පුණරීක්‍ෂන වැඩමුළුවක් 2026 ජනවාරි මස 19 දින සිට 24 දින දක්වා නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පවත්වනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙකු සහභාගී වූහ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ හේමචන්ද්‍ර RSP Hdmc psc සහභාගී විය.

වැඩමුළුව අවසානයේදී, එම බලසේනාවේ බලසේනාධිපති විසින් සියලුම නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ට ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ සහභාගීත්වය අගයමින් සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.