22nd January 2026
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි විසිර යාමේ පෙළපාලිය 2026 ජනවාරි මස 19 වන දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. එම පාඨමාලාව 2025 ජූලි මස 11 දින සිට 2026 ජනවාරි මස 19 දින දක්වා පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc සහභාගී විය.
එම උත්සවයේදී, පාඨමාලාවේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූවන් වෙත සම්මාන ප්‍රදානය කරන ලදී. එහිදී, 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කපිතන් එම්.එච්.පී. මනතුංග දක්‍ෂතම නිලධාරියා ලෙසත් 5 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩී.එම්.එස්.කේ දිසානායක දක්‍ෂතම සෙබලා ලෙසත් 22 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.එම්.ඩී.යූ ප්‍රේමසිරි හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි ශිෂ්‍යයා ලෙසත් 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් එච්.ඒ.ඩී.එස් සමරක්කොඩි දක්‍ෂතම වෙඩික්කරු ලෙසත් 9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම දක්‍ෂතම කණ්ඩායම ලෙසත් සම්මාන හිමිකර ගත්තේය.