යුද්ධ හමුදා ක්‍රීඩා සාමාජිකයින් සඳහා ක්‍රීඩා අනතුරු වලක්වා ගැනීමේ වැඩමුළුවක්

යුද්ධ හමුදා ක්‍රීඩා සාමාජිකයින් සඳහා ක්‍රීඩා අනතුරු වලක්වා ගැනීමේ වැඩමුළුවක් 2026 ජනවාරි මස 20 වන දින පනාගොඩ, ක්‍රීඩා සංවර්ධන හා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ක්‍රීඩා අනතුරු වලක්වා ගැනීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නංගර RSP ndc ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබීය.