මිහිඳු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථානයේදී රණක්ෂිතයට පත් රණවිරුවන්ට උපදේශන වැඩසටහනක්

මිහිඳු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථානයේ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ උපදේශන වැඩසටහනක් 2026 පෙබරවාරි මස 11 දින පවත්වන ලදී.

මිහිඳු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් කාන්තා කටයුතු කාර්යාංශයේ උපදේශන නිලධාරීන් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

මෙහිදී ප්‍රායෝගික සහ න්‍යායාත්මක සැසි මාලාවක් පවත්වනු ලැබූ අතර, රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව සහ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම සහ කාර්ය මණ්ඩලය අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කිරීම මෙහිදී අවධානය යොමු විය.

මෙම වැඩසටහන රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කර තිබුණි.