බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 සාර්ථකව අවසන්

බලඇණි ආධාරක අවි ජ්‍යෙකොනොනි/ කොනොනි පාඨමාලා අංක 103 (2025–II) හි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2026 ජනවාරි මස 27 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස් මොල්ලිගොඩ USP psc විසින් එම සහතිකපත්‍ ප්‍රදානය කරන ලදී.

මාස තුනහමාරක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා සිසුන් 45 දෙනෙකු සහභාගී වූහ. මෙම පාඨමාලාව බලඇණි මට්ටමේ ආධාරක අවි පිළිබඳව ඇති වෘත්තීය දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වන ලදී.

පාඨමාලාව අවසානයේ සමස්ත දක්‍ෂතාවය අනුව ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.කේ.ඊ ගුරුසිංහ සම්මානය හිමිකර ගත්තේය.