ක්‍රීඩා

ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩා පිටියේදී 2026 ජනවාරි මස 25 වන දින පැවැත්විණි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.


ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ජාතික බර ඉසිලීමේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2026 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හිදී පැවැත්විණි.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2025, කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 30 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 20 දින සාර්ථකව පවත්වන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය මගින් සංවිධානය කරන ලද ක්‍රීඩා සම්බාහන පාඨමාලා අංක - 10, 2025 දෙසැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ රෙජිමේන්තු දේශන ශාලාවේදී සාර්ථකව අවසන් කළේය.


අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 10 දින සිට 12 දින දක්වා පවත්වනු ලැබීය.


ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික ක්‍රීඩා දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස, ඉන්දීය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම අතර මිත්‍රශීලී කබඩි තරඟාවලියක් 2025 දෙසැම්බර් මස 02 දින සහ 04 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන බර ඉසිලීමේ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 26 දින සිට 30 දින දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කලාපීය රටවල මලල ක්‍රීඩකයින් සහභාගීවූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.


2025 නොවැම්බර් මස 03 දින සිට පානාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 06 දින සාර්ථකව අවසන් විය. රෙජිමේන්තු 14 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 182 දෙනෙකු මෙම තරඟාවලියේ විවිධ කාණ්ඩ යටතේ තරඟ වැදුණි.


යුද්ධ හමුදා අන්තර් අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය 2025 නොවැම්බර් මස 25 දින සිට 27 දින දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 127 දෙනෙකු සහභාගී වූහ.