ක්‍රීඩා

අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 සැප්තැම්බර් මස 20 දින සිට 26 දින දක්වා පැවති අතර, එහි අවසන් තරඟය 2025 නොවැම්බර් මස 11 වන දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 7 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් ඉන්දියාවේ රාන්චි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මවිබ්මට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙමින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් ඔවුන් ලැබූ ජයග්‍රහණයන් සඳහා සුබ පැතුම් එක් කරන ලදී.


4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී මෙරට නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ඔක්තෝබර් මස 28 දින දිවයිනට පැමිණියහ.


2025 ඔක්තෝබර් මස 25 දින ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් රාශියක් දිනා ගනිමින් ජාතියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන එන ලදී. තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගන්නා ලදී.


යුද්ධ හමුදා ස්කොෂ් කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය 2025 යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 05 දින සිට 15 දින දක්වා මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේදී පැවැත්විණි.


නුදුරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිත වන අතර, මෙම ශූරතාවලිය 2025 ඔක්තෝබර් මස 24, 25 යන දෙදින තුළ ඉන්දියාවේ, රාංචිහිදී පැවැත්වේ.


යුද්ධ හමුදා චෙස් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය - 2025 ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 135 දෙනෙකු සහභාගී වූහ.


2025 ඔක්තෝබර් මස 02 දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.


ප්‍රථම වරට පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 18 දින සිට 22 දින දක්වා මාලදිවයිනේ පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික පිරිමි වෙරළ අත්පන්දු කණ්ඩායම විසින් රිදී පදක්කම දිනාගන්නා ලදී.