ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 20 දින සාර්ථකව පවත්වන ලදී.
මෙම ශූරතාවලිය සඳහා රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 55 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුන්ප්‍රයාම කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව්. ජයවීර USP psc සහභාගී විය.
තුන්ප්‍රයාම ශූරතාවලිය තරඟකරුවන්ගේ සමස්ත මලල ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය වෙනුවෙන් මීටර් 750 ක් පිහිනීම, කිලෝමීටර 20 ක් බයිසිකල් පැදීම සහ කිලෝමීටර 5 ක් දිවීම වැනි අභියෝගාත්මක තරඟ අදියර තුනකින් පවත්වන ලදී.
ශූරතාවලියේදී පහත සඳහන් කාණ්ඩ යටතේ කැපී පෙනෙන තනි පුද්ගල දස්කම් දක්වන ලදී.
විවෘත පිරිමි කාණ්ඩය
* පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.පී.එස්.ආර්. ප්‍රියදර්ශන (ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව)
* දෙවන ස්ථානය - පාබල සෙබළ ආර්.එම්.එන්.එච්. සුසිරිපාල (ශ්‍රී ලංකා පාබල හමුදාව)
* තෙවන ස්ථානය - කෝප්‍රල් එච්.බී.ඒ. චන්ද්‍රසිරි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය)
ආධුනික පිරිමි කාණ්ඩය
* පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.එස්. පුෂ්පකුමාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව)
* දෙවන ස්ථානය - සැරයන් එච්.ඒ.ආර්. චාමර කුමාර (ශ්‍රී ලංකා පාබල හමුදාව)
* තෙවන ස්ථානය - ආධුනික සෙබළ ඩබ්ලිව්.ඒ.ඩී. හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)
විවෘත කාන්තා කාණ්ඩය
* පළමු ස්ථානය - ආධුනික කාන්තා සෙබළ එන්.එච්.ඒ. ද සිල්වා (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)
* දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.කේ.අයි.ටී. උදයකුමාරි (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය)
කණ්ඩායම් තරඟ ඉසව්වල පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව දිනාගත් අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමි විය.