ක්‍රීඩා

2025 අගෝස්තු මස 22 දින දකුණු කොරියාවේ පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්ථා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තාය.


ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලිය - 2025, තායිලන්තයේ හැට්යායි හිදී 2025 ජුලි මස 22 දින සිට 27 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා පිරිමි සහ කාන්තා යන අංශවලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටි රටවල් 16ක් සහභාගී විය. මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමේ දක්‍ෂතා පහත පරිදි වේ.


60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 අගෝස්තු මස 20 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් විය.


2025 අගෝස්තු 18 වන දින සිට 20 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන, 2025 යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 5.18 ක උසක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් විසින් 2025 අගෝස්තු මස 19 දින රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.


13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලිය 2025 අගෝස්තු මස 04 සහ 05 දෙදින තුළ පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලදී.


වැලිසර, නාවික හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2025 ජූලි මස 21 සිට 24 දින දක්වා ‘13 වන ආරක්‍ෂක සේවා පැසිපන්දු තරඟාවලිය 2024/2025’ පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්වූහ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කමිටුව විසින් 10 වරටත් සංවිධානය කරන ලද 10 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 192 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 ජූලි මස 24 සිට 27 දින දක්වා පැවැත්විය.


ශ්‍රී ලංකා මුෂ්ඨී ප්‍රහාරක සංගමය විසින් සංවිධානය කරන ලද ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක රඟාවලිය 2025 ජූලි මස 20, 21, 22 සහ 23 යන දින වල කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා කරාතේ සම්මේලනය වෙතින් සංවිධානය කරන ලද ‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලිය ජූලි මස 05 සහ 06 දෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


1 වන CISM මුයිතායි ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට...