8th January 2026
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2025, කුසලාන සහ සහතිකපත්‍ර ප්රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 30 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්යක්ෂ සහ යුද්ධ හමුදා බිලියඩ් සහ ස්නූකර් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.පී.සී.ආර් ප්‍රේමතිලක RSP USP ndc සහභාගී විය.
තරඟාවලියේ ශූරතාවය ඉංජිනේරු සේවා බලකා ‘ඒ’ කණ්ඩායම විසින් හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම අනුශූරතාවයත් ඉංජිනේරු බලකා ‘බී’ කණ්ඩායම තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදී.