ක්‍රීඩා

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2025, කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 30 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 20 දින සාර්ථකව පවත්වන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය මගින් සංවිධානය කරන ලද ක්‍රීඩා සම්බාහන පාඨමාලා අංක - 10, 2025 දෙසැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ රෙජිමේන්තු දේශන ශාලාවේදී සාර්ථකව අවසන් කළේය.


අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 10 දින සිට 12 දින දක්වා පවත්වනු ලැබීය.


ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික ක්‍රීඩා දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස, ඉන්දීය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම අතර මිත්‍රශීලී කබඩි තරඟාවලියක් 2025 දෙසැම්බර් මස 02 දින සහ 04 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන බර ඉසිලීමේ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 26 දින සිට 30 දින දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කලාපීය රටවල මලල ක්‍රීඩකයින් සහභාගීවූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.


2025 නොවැම්බර් මස 03 දින සිට පානාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 06 දින සාර්ථකව අවසන් විය. රෙජිමේන්තු 14 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 182 දෙනෙකු මෙම තරඟාවලියේ විවිධ කාණ්ඩ යටතේ තරඟ වැදුණි.


යුද්ධ හමුදා අන්තර් අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය 2025 නොවැම්බර් මස 25 දින සිට 27 දින දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 127 දෙනෙකු සහභාගී වූහ.


සුරනිමල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී ජා-ඇල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndu ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් 34 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූහ.සහභාගි වූහ.


20 වන අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 නොවැම්බර් මස 12 දින සිට 14 දින දක්වා පැවැත්විණි.