2025-12-04
ඉරානයේ පැවති 6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයන් දිවයිනටat 6th International Men’s Fajr Cup in Irant 6th International Men’s Fajr Cup in Iran
6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන බර ඉසිලීමේ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 26 දින සිට 30 දින දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කලාපීය රටවල මලල ක්‍රීඩකයින් සහභාගීවූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
එහිදී 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ එල්.ජී.ඒ.එස් ලියනගෙදර විසින් කිලෝග්‍රෑම් 60 බර පන්තියේ දක්‍ෂතා දක්වමින් රිදී පදක්කම දිනාගනිමින් මව්බිමට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආඩම්බරයක් ගෙන දෙන ලදී.