ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට

ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩා පිටියේදී 2026 ජනවාරි මස 25 වන දින පැවැත්විණි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.

යුද්ධ හමුදාව තරඟාවලියේ සමස්ත ශූරයන් බවට පත් වූ අතර, රන් පදක්කම් හතරක් හිමිකර ගත්තේය.

ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වූහ.