ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජාතියේ ආරක්ෂකයා
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2025 අප්‍රේල් මස 09 දින සිට අප්‍රේල් මස 30 දින දක්වා පැවති 13 වන ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් වූහ.
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය - 2025’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 මාර්තු මස 07 දින රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි. රෙජිමේන්තු 13 ක කණ්ඩායම් අතර පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙපැක්ටැක්රෝ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව අවසන් මහා තරඟයේදී, 02 ට 00 ක් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2024/2025 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී 2025 මාර්තු මස 23 දින පැවැත්විණි.
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
ලොව පුරා සිටින විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.
‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ 2025 මාර්තු මස 8 සහ 9 දෙදින තුළ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.