ක්‍රීඩා

13 වන ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා තරඟාලිය මෙවරත් 2025 සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි සාමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගී විය.


13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 11 දින සාලියපුර ගජබා රෙජිමේන්තු සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවති අතර, එම තරඟාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට හිමිවිය.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 සැප්තැම්බර් මස 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 කට වැඩි පිරිසක් තම දක්‍ෂතා, විනය සහ ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළහ.


ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මාධ්‍ය මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය - 2025 කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 අගෝස්තු මස 18 දින සිට 21 දින දක්වා පැවැත්වු අතර, මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 85 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 36 දෙනෙකු සහභාගි විය.


පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදාවට සහ ජාතියට අභිමානයක් එක් කරමින්, කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනාගත් 2 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් වයි.ඩී.අයි කුමාර ඇතුළු ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.


යුද්ධ හමුදාවේ ටයිකොන්ඩෝ උපදේශකවරුන් සහ කළු පටි හිමි ක්‍රීඩකයින් වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව විසින් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වු දෙදින වැඩමුළුව 2025 අගෝස්තු මස 20 දින සිට 21 දින දක්වා පැවැත්විණ.


යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025, 2025 අගෝස්තු මස 28 සහ 29 යන දිනයන්හිදී උඩවලවේදී පැවැත්වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 118 දෙනෙකු සහභාගී වූහ.


IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, 400m ඉසව්වේ ජාතික ශූරිය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර් නදීශා තේරීපත්ව ඇති අතර, මෙවර ලෝක ශූරතා තරඟාවලියට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකාව ලෙස ඇය පත්විය. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 13 දින සිට 21 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.


ප්‍රථම වරට පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ශූරතාවලිය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 08 ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 24 සිට 26 දින දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාර 2025 අගෝස්තු මස 26 දින ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.