සුරනිමල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී ජා-ඇල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndu ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් 34 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූහ.සහභාගි වූහ.