ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.