ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.