ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ජාතික බර ඉසිලීමේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2026 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හිදී පැවැත්විණි.

ශූරතාවලියේ පිරිමි අංශයේ තරඟාවලියේදී, දක්‍ෂතම බර ඔසවන්නාට හිමි සම්මානය ඇතුළුව සමස්ත ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය විසින් හිමිකර ගත් අතර, එහිදී විවිධ බර පංති යටතේ රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.

ශූරතාවලියේ කාන්තා අංශයේ තරඟාවලියේදී, යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය අනුශූරතාවය හිමිකර ගනිමින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.