ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සම්බාහන පාඨමාලා අංක 10 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය මගින් සංවිධානය කරන ලද ක්‍රීඩා සම්බාහන පාඨමාලා අංක - 10, 2025 දෙසැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ රෙජිමේන්තු දේශන ශාලාවේදී සාර්ථකව අවසන් කළේය.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ක්‍රීඩා සංවර්ධන හා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඟපෙන්වීම යටතේ වසරක් පුරා මෙම පුහුණු පාඨමාලාව මෙහෙයවන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ක්‍රීඩා සම්බාහන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් සතු වෘත්තීය කුසලතා තවදුරටත් ඉහළ නැංවීමයි.

ක්‍රීඩා සංවර්ධන හා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.පී.කේ. සෙනරත් RWP RSP USP IG ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වූ අතර උත්සවය අතරතුරදී සහභාගිවන්නන් 47 දෙනෙකුට ඔවුන්ගේ සහතිකපත් පිරිනමන ලදී.

පාඨමාලාවේ ශිෂ්‍යයා ලෙස යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එල්.එස්.එම්. ප්‍රියදර්ශන සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නිලධාරීන් සහභාගී වූහ.