යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය 2025 නොවැම්බර් මස 25 දින සිට 27 දින දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 127 දෙනෙකු සහභාගී වූහ.

අවසන් දින පැවති තරඟ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (පාලන) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සී. එස්. තිබ්බොටුගේ සහභාගි විය.

තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය අඛණ්ඩව හයවන වරටත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාවය යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් හිමිකර ගත් අතර, අනුශූරතාවය යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් හිමිකර ගන්නා ලදී.