2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරඟයන්හිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් සමත් විය.
ජාතියේ ආරක්ෂකයා
2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරඟයන්හිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් සමත් විය.
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නවකයන්ගේ බොක්සිං තරගාවලිය, 2026 මැයි මස 04 දින සිට 08 දින දක්වා දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Commonwealth Youth/Junior Championships & Universal Cup - 2026 තරඟාවලිය 2026 අප්‍රේල් මස 25 දින සිට මැයි මස 02 දක්වා සැමෝවාහි එපියා නුවරදී පවත්වනු ලැබූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.
2026 මැයි මස 03 දින කොරියානු සමූහාණ්ඩුවේ මොක්පෝ හි පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලලත් නිලධාරී I එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ. රණසිංහ කාන්තා හා පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරන ලද 2025/2026 Tier B තෙදින ක්‍රිකට් තරඟාවලිය 2025 නොවැම්බර් මස 15 දින සිට 2026 පෙබරවාරි මස 17 දින දක්වා පැවැත්විණි. ඒ සදහා යුද්ධ හමුදා ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රිකට් සමාජය ඇතුළු ප්‍රධාන ක්‍රිකට් සමාජ 12ක් තරඟ වැදුණි.
චීනයේ සන්යා හිදී 2026 අප්‍රේල් මස 22 දින ආරම්භ වී 30 වන දින අවසන් වීමට නියමිත 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - 2026 සඳහා සහභාගී වූ මෙරට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දක්‍ෂතා දක්වනු ලැබූහ. යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc අධීක්‍ෂණය යටතේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියට සහභාගී වූහ. .
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී 2026 අප්‍රේල් මස 11 වන දින පවත්වනු ලැබීය. 2026 මාර්තු මස 02 වන දින ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා විස්සයි විස්ස තරඟ , පන්දු වාර 50 ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයේ තරඟයන් ඇතුළත් වූහ.
මහනුවර Hill Country Sports Shooting Club සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරන ලද 'Sharp Shooters 2026' – Level II වෙඩි තැබීමේ තරගාවලිය 2026 මාර්තු මස 26 සිට 29 දක්වා පවත්වන ලදී. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වෙඩික්කරුවන් ද සහභාගී වූහ.
2026 පෙබරවාරි මස 22 වන දින කොළඹ වරාය නගරයේ පැවති Ironman 70.3 Colombo - 2026 තරඟයේදී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කණ්ඩායම විශිෂ්ට දක්‍ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් යුද්ධ හමුදාවට ගෞරවයක් ගෙන දුන්නේය.
Victory Premier League කරාතේ - 1 තරඟාවලිය මරදාන, ශාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 28 වන දින පැවැත්විණි.