Victory Premier League කරාතේ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්‍ෂතා දක්වයි

Victory Premier League කරාතේ - 1 තරඟාවලිය මරදාන, ශාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 28 වන දින පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදා කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජ්‍යෙෂ්ඨ කාණ්ඩයන්හි සියලුම බර පංතිවල දක්‍ෂතා දක්වමින් කැපීපෙනෙන ජයග්‍රහණයන් සහ කණ්ඩායම් කුමිතේ ඉසව්වෙන් ද ජයග්‍රහණයන් හිමිකර ගත්හ. ඒ අනුව, රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගත්හ.

එමෙන්ම, විවෘත කුමිතේ (Grand Champion) ඉසව්වේ ජයග්‍රහණය 8 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්.එස්.වී. ඩයස් විසින් දිනා ගන්නා ලදී.

යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.ආර්. අබේසිංහ ndc ගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියට සහභාගී වූහ.