1st May 2026
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මඟින් සංවිධානය කරන ලද 2025/2026 Tier B තෙදින ක්රිකට් තරඟාවලිය 2025 නොවැම්බර් මස 15 දින සිට 2026 පෙබරවාරි මස 17 දින දක්වා පැවැත්විණි. ඒ සදහා යුද්ධ හමුදා ක්රිකට් සමාජය සහ නාවික හමුදා ක්රිකට් සමාජය ඇතුළු ප්රධාන ක්රිකට් සමාජ 12ක් තරඟ වැදුණි.
යුද්ධ හමුදා ක්රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගී වූ 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබළ ඩබ්ලිව්.එච්.එස්.එන් සොයිසා තරඟාවලියේ වටිනාම ක්රීඩකයා බවට පත්වූ අතර, ඔහු තරඟ 11 කදී විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 641 ක් සහ කඩුලු 51 ක් ලබා ගත්තේය. එම කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් අගයමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පාබල සෙබළ ඩබ්ලිව්.එච්.එස්.එන් සොයිසා තරඟාවලියේ වටිනාම ක්රීඩකයා ලෙස නම් කරනු ලැබීය.